දැනට රටේ උද්ගතව ඇති ව්‍යවස්ථා ගැටලුව විසඳා ගැනීම සඳහා සියලු පක්ෂ නායකයන් ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමුකිරීමට බලාපොරොත්තු වන බවත් එම ලිපියට ජනාධිපතිවරයාගෙන්ගෙන් සාධනීය පිළිතුරක් නොලැබුණහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සිදු වන බව හිටපු සභානායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .
ඒ මහතා ඒ බව පවසා සිටියේ දැනට රටේ උද්ගතව ඇති ව්‍යවස්ථා ගැටලුව සම්බන්ධයෙන් සිදු කළ විමසීමක දී ය . එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ දැනට භාරදී ඇති නාම යෝජනා සම්බන්ධයෙන්ද අධිකරණ තීන්දුව අනුව විසඳාගැනීමට විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවයි .
පාර්ලිමේන්තුව නැවත කැඳවූවහොත් රටේ දැනට උද්ගතව ඇති කොරෝනා වසංගතය මැඬලීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වලට අදාල පනත් ඇතුළු සියලු පනත් සම්මත කරගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් ඒ බව සියලු පක්ෂ නායකයන් සේම සජිත් ප්‍රේමදාස මහතාත් තමාත් මීට පෙර ප්‍රකාශ කර තිබෙන බව ද පැවසීය .
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවමින් සිදු කළ නිවේදනය මේ වන විට වලංගු නොවන බව පැවසූ ඒ මහතා එම නිවේදනයට අනුව අප්‍රේල් මස 25 වැනි දින ඡන්දය පැවැත්වීමටත් මැයි 14 වැනි දින පාර්ලිමේන්තුව රැස් වීමටත් කිසිසේත්ම හැකියාවක් නොමැති බවද පැවසීය .