ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් සැප්තැම්බර් 30 දාට පෙර යොමුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්.
“ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30දා. තැපැල් ඡන්දයට ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් තමන් ලියාපදිංචි මැතිවරණ කොට්ඨාසයේ තේරිම් භාර නිලධාරී වෙත තමන්ගේ සහතික කිරීමේ නිලධාරියා මගින් එවන ලෙස දැනුම් දෙනවා.”