Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
මාස දෙකකට ආසන්න විදෙස් සංචාරයකින් පසුව පසුගියදා (25දා) යළි දිවයිනට පැමිණිබැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා මුලපුරා තිබෙන බවත්,ඒ සඳහා ක්‍රමෝපායික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත් වාර්තා වේ.
පසුගිය මැතිවරණ සියල්ලෙහි ප්‍රතිඵල පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සිදු කර ඇති බැසිල් රාජපක්ෂ මහතා,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය සම්බන්ධව විද්‍යාත්මකව පුරෝකථනයක් සිදුකර ඇතැයිද වාර්තා වෙයි.
ජනාධිපතිවරණ මෙහෙයුම සැලසුම් කිරීමේදීතවත් විශේෂිත මූලෝපායන් රැසක් ඔස්සේ අවධානය යොමුකළ යුතුයැයිද,උතුරු පළාතේ යාපනය, වන්නි සහ කිළිනොච්චි දිස්ත්‍රික්කවලද, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලද ඡන්ද පදනම පුළුල් කර ගැනීමේ නව වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයිද බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේනායකයන්ට පෙන්වා දී තිබේ.
ඒ සඳහා ලබන මස මුලදී එම දිස්ත්‍රික්ක වෙත ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යසාධක බළකායක් මුදාහැරීමට නියමිතව ඇතැයි පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරයි.
කුලුඳුල් ඡන්ද දායකයන් අතරින් බහුතරය ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ වෙත දිනා ගැනීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් අවසන් අදියරට පැමිණ ඇතැයිද එම පක්ෂයට සම්බන්ධ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය පැවැත්වීම සඳහා දීප ව්‍යාප්තව ග්‍රාමසේවා වසම් මට්ටමින් ස්ථාපිත පක්ෂ ශාඛා ජාලය ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනම් කර තිබෙන බවත්,ඒ අනුව ජාතික මහා සම්මේලනය මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිත බවත් එහි ප්රකාශයෙක් පැවසීය.
popular news
Champa Friday, 28 September 2018 12:22 PM
Joke of the day ! If you show your face people will detach themselves. Winning extra votes will entirely be in the hands of MR 's choice candidate whoever he is.
Reply : 0 0
Champa Friday, 28 September 2018 05:16 PM
ඊළඟ ජනාධිපති පොහොට්ටුවෙන් ඉල්ලුවොත් පරදිනවා. පරදිනවා නෙමෙයි පරද්දනවා. හරිම ලේසියි. ජනාධිපතිවරණෙ දින්නොත් පොහොට්ටුව සෙට්ටපොච්චි වෙනවා. ඒ හින්ද දේශපාලනයේ ඉන්න ඕනේ නම් මහින්දගේ අපේක්ෂකයා කවුරු වුනත් මිනිහව පරද්දන්න කියලා කියයි. මෙහෙම පිරිසක් බැසිල්ට ඉන්න බව සුළුවෙන් වුනත් දැනටම පෙන්නලා තියෙනව. මහින්දගේ බිම් මට්ටම බැසිල් උපක්රමිකව අතට ගත්ත. විපක්ෂයේ පක්ෂ අතර සන්ධානයක් නොහද පොට්ටුවේ චන්ද ලකුණෙන් පළාත් පාලන මතිවරනෙට ඉල්ලන්න වැඩ හදා ගත්තේ ඒකටයි. අනිත් උගුල් වලට වගේම මහින්ද ඒ උගුලටත් අහුවුනා. හැබැයි බැසිල්ට වැඩි පිරිසක් නැහැ. ඒ වුනත් බැසිල්ට පුළුවන් මහින්දගේ මිනිස්සුන්ට වුනත් convince කරන්න ඊලඟ මැතිවරණ වලට මහා මැතිවරණයද ඇතුළුව නාම යෝජනා හදන එක කරන්නේ තමන්. මහින්ද හෝ නාමල් නෙමෙයි. ඒ හින්ද දේශපාලනයේ ඉන්න ඕනේ නම් ඉන්න ඕනේ තමන් එක්ක සහ කරන්න ඕනේ තමන් කියන දේ කියන එක. ඒකාබද්ධ විපක්ෂ සහ පොහොට්ටුව අතර සන්ධානයක් හදල මහින්දගේ චන්ද සියල්ල තමන් අතට නීත්‍යානුකූලව ගන්න ගහපු ගැටේ නම් තාම හරි ගියේ නැහැ. ඒ මොකොද කිව්වා නම් ඒකාබද්ධ විපක්ෂයේ වැඩි පිරිසක් බැසිල්ව විශ්වාස නොකරන නිසා. තවත් කියන්න පුළුවන්.
Reply : 0 0
Champa Friday, 28 September 2018 05:30 PM
මම ඒ දවස් වලම කිව්වා පොහොට්ටුව හදා ගත්තේ බැසිල්ට කියල. තමන්ට ජනාධිපතිවරණයකින් දිනන්න බැරි හින්ද බැසිල් වැඩි බර තියන්නේ මහ මැතිවරයනයකට. ඕනේ ඔට්ටුවක් දානවා බැසිල් ඊළඟ මහ මැතිවරයනයෙන් මහින්දගේ මිනිසුන්ව පරද්දනවා. කොහොමද? ඒ ගොල්ලන්ට වැටෙන මහින්දගේ මිනිස්සුන්ගේ චන්ද නවත්තල. නාම යෝජනා දෙයි හැබැයි ඊට උඩින් වෙන මිනිස්සු දායි. දැන් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ගෝඨාභය පස්සේ යන සියලු දෙනා අසරණ වෙනවා. එකක් මහින්ද නම් කලත් ගෝඨාභය පරදිනවා. 50% ක් ගන්න බැරි වෙන හින්දා දෙවෙනි ගණන් කිරීමකට ගියහම දිඅනන්නේ වෙන මිනිහෙක්. ගෝඨාභය වටේ කැරකෙන ග්‍රහයන්ට අල්ලපු අත්තයි පය ගැහු අත්තයි දෙකම නැති වෙනවා. ජනාධිපතිවරණෙ පැරදුනු ගමන් බැසිල් මහින්දගේ චන්දයකයෝ තමන් අතට ගන්නවා. මහින්දටත් කරන්න දෙයක් නැති වෙනවා. මේක තමයි වෙන්න පුළුවන් දේ. හැබැයි මේක වෙනස් කරගන්න පුළුවන් එක විදිහක් තියෙනව. ඒක මම දැන්මම කියන්නේ නැහැ. වෙලාව ආවහම MR ට කියනවා. මම මගේ තුරුම්පු ඔක්කොම මේසේ උඩට වීසි කරන කෙනෙක් නෙමෙයි. MR ට කරන්න තියෙන්නේ ගම්වල ඉන්න තමන්ගේ චන්දදායකයෝ බලන්න යන එක. Campaign එකක් කරන විදිහට නෙමෙයි. නිකම් කතා කරලා යන්න ආව විදිහට. දන්නැත්ද.
Reply : 0 0
Champa Friday, 28 September 2018 05:52 PM
ඇත්තටම මම මුලින් කිව්වේ ජනාධිපතිවරණෙ announce කලාට පස්සේ JO එකට මාසයක් ඇති කියලා 24/7 වැඩ කරා නම් එකතු වෙලා. නමුත් දැන් මට තේරෙනව JO ඇතුලේ සීතල යුද්ධේ දවසින් දවස වැඩි වෙනවා සහ එකිනෙක අතර විශ්වාසය බොහෝ දුරට බිඳිලා කියල. උඩින් මොනව පෙන්නුවත් යටින් තියෙන ඇත්ත පේනවා, ඒ හින්දා risk එකක් ගන්න බැහැ. මේක වෙනස් කරන්න සම්පූරණ බලය ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද අත. හැබැයි මුහුදට බහින්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් ගොඩ ඉඳන් පේනදේ මිරිඟුවක් වෙන්න පුළුවන් නිසා. එතකොට මිනිස්සුන්ගේ කලකිරීම් හෝ ප්‍රශ්න තියෙනව නම් ඒ වෙලාවෙම ඒවාට කතා කරන්න පුළුවන්. මම මේක කිහිප සැරයක්ම කිව්වා දැනටම. ඒ මොකොද කිව්වා නම් ඊළඟ ජනාධිපතිවරණ කාලෙට හිටපු ජනාධිපතිපතුමාට ලොකු පීඩනයක් එනවා. 2015 ටත් වැඩි. හැම අතින්ම බලපෑම් එනවා. ප්‍රශ්න එනවා. ඒ ඔක්කොම එක්ක මේ විදිහට මිනිස්සුන්ව හම්බ වෙන්න යන්න බැරි වෙනවා. අනිත් එක මේ යන ගමන් වලදී තමන්ට ඉතාම හිතවත් මිනිස්සු හඳුනා ගන්න ඕනේ. හැබැයි හුගක් active මිනිස්සු. එක දිස්ත්‍රික්කයකින් 3-5 ගානේ. නම් ලැයිස්තුවක් හදල තියගන්න. වැඩිය ඕනේ නැහැ ලංකාවෙන්ම 75-125යි ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ දේ ලබන අවුරුද්දේ කියනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd