ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් ඉල්ලු බවට චෝදනා ලැබ සිටින ජනාධිපතිවරයාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර ඔවුන්ට භාරදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ඔවුන්ට මෙලෙස සිතාසි නිකුත් කොට ඇත.
අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කරන ලද්දේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පියදාස දිසානායක මහත්වරුන්ටය.
මෙම විත්තිකරුවන්ට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවැරීමට අවසර දෙන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.
2018 වසරේ පෙබරවාරී මස 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබාගත් බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා නඟා ඇත.
විත්තිකරුවන් විසින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කොට ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත.
කොළඹ 07, රොස්මිඞ් පෙදෙසේ පදිංචි ‘එම්. ජී. ෂුගර් ලංකා පුද්ගලික සමාගම’ ප්‍රධානී කොටහා රාලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා නැමැති ඉන්දීය ජාතිකයා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මේ සිද්ධියට අදාළව විමර්ශන ආරම්භ කරන ලද අතර ඔහු මෙම නඩුවේ සාක්කිකරුවකු ලෙස නම් කොට ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පසුගිය වසරේ සිදුකළ වැටලීමකදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ රථ ගාලේදී මෙම විත්තිකරුවන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.