කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (10දා) පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උත්සවයට ආරාධනා ලැබ පැමිණි ජාතික පුවත්පත් කිහිපයක කර්තෘවරුන්ට නිසි පරිදි ආසන වෙන්කර නොතිබීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයන් පවත්වන බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
සංවිධායක කමිටුව එහි වගකීම ගත යුතු බවද ඒ පිළිබඳව සොයා බලාන බවද රුවන් විජයවර්ධන මහතා පැවැසීය. පුවත් පත් කර්තෘවරුන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව තමා කණගාටුව පළ කරන බවද ඇමැතිවරයා කීය.
පුවත්පත් කතුවරුන් පිරිසකට සම්මාන උළෙල පැවැති බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ බැල්කනියේ ආසන වෙන් කර තිබූ අතර එයට විරෝධය දක්වමින් එම කතුවරුන් පිරිස සම්මාන උළෙල වර්ජනය කිරීමට පියවර ගත්තේය.