දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා සීෂෙල්ස් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට දුරකථනය ඔස්සේ උපදෙස් ලබා දී ඇත්තේ විපතට පත් ජනතාවට සහන සැලසීමේ දී කිසිඳු අවස්ථාවක මූල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසයි.
වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය සහ සෞඛ්‍ය පහසුකම් ඇතුළුව විපතට පත් ජනතාවට අවශ්‍ය සුභසාධන වැඩපිළිවෙළ අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.
එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමට ද ජනාධිපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත උපදෙස් ලබා දී ඇත.
අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ සියලූ ජනතාව වෙත සිය කනගාටුව පළ කරන ජනාධිපතිතුමා, මරණයට පත්වූවන්ගේ පවුල්වල ඥාතීන් වෙත ද සිය බලවත් සංවේගය පළ කර තිබේ.