ජනතාවට ගුණාත්මක සේවාවක් සඳහා පොලිස්පති උපකාරක මැදිරියක්
- 28 02 2020
- 10:20
- {{hitsCtrl.values.hits}} views
- එච්.අයි. තුෂාර
ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා මාර්තු 02 වැනිදා සිට පොලිස්පති උපකාරක මැදිරියක් ක්රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පොලීසියට පැමිණිලි ඉදිරිපත් කිරීමේදී නිසි ලෙස නීතිය ඉටුනොවීම පිළිබඳ හා පොලීසිය සම්බන්ධයෙන් ජනතාවට ඇති වන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා මෙම උපකාරක මැදිරිය ස්ථාපිත කර තිබේ.
පොලිස් මූලස්ථානයේ භාෂා සහායක මැදිරියේ ස්ථාපිත කර තිබෙන පොලිස්පති උපකාරක මැදිරිය තුළ දුරකථන අංක දෙකක් ස්ථාපිත කර ඇත.
ඒ අනුව 011-2444480 හා 011-2444481 දුරකථන අංක මගින් ජනතාවට අදාළ තොරතුරු ලබාදිය හැකිය. පොලිස්පති උපකාරක මැදිරිය හෙවත් IGS Help Desk ක්රමය මීට පෙර අවස්ථාවක ක්රියාත්මක කර ඇති අතර, පසුව එය අක්රීය වී ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
