ජනතාවගේ ඉල්ලීම සජිත් ප්‍රේමදාස මහතා නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය කැමැත්තෙන් සජිත් මහතාගේ නම ජනාධිපති අපේක්ෂකත්වයට ලබාදෙයි කියා තමන් සිතන බව විශේෂ සංවර්ධන අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බැව් පැවසුවේ, හැටන්, ඩයගම, “චන්ද්‍රිගාමම්” තේ වතුයායේ පසුගියදා හදිසි ගින්නනකින් විනාශයට පත්වූ වතු කම්කරු පවුල් සඳහා භාණ්ඩ බෙදා දීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,
“එක්සත් ජාතක පක්ෂය ජනාධිපති මැතිවරණයට බියක් නෑ. තවම නාම යෝජනා ප්‍රකාශයට පත් කර නෑ. හොඳට දුවන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරයි කියා අපි සිතනවා.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේම හොඳම නායකයා ලෙස පිළිඅරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය කඩා ගැනීමට කැමති නෑ. පක්ෂය ආරක්ෂා කර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගේ ඉල්ලීම නිසා එතුමා සිය කැමැත්තෙන් සජිත් ප්‍රේමදාස මහතාට ඒ අවස්ථාව දෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමහර විට සජිත් ප්‍රේමදාස මහතාට උදවු කරන්නත් පුළුවන්. ඒ අය වෙන අපේක්ෂකයෙක් දාන්නත් පුළුවන්. ඒ ගැන කතා කරන්න දැන් සුදුසු නෑ කියා මා සිතනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.