පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන මහබැංකු මුල්‍ය වංචාවට චුදිතයෙකු වි සිටින පසුගිය රජයේ මුදල් ඇමති සැගවී ඇති බවත් 2015 පෙර පැවති ආර්ථීක වර්ධන වේගය අනුව රට ඉදිරියට ගියා නම් හරි ආකාරයෙන් ආර්ථිකය කළමනාකරණය කළා නම් අපේ රටට මෙවැනි ආර්ථික අහේනියක් නොඑන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
කුරුණැගල දිස්ත්‍රික්කයේ පොදුජන එක්සත් පෙරමුණු ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
"මහජන මුදල් හොරා කෑම කවදා හෝ ඵල දෙන දෙනවා. ඒ නිසා විනිවිද භාවයෙන් කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ වගකීමක්. එසේම රටතුල විවිධ ආකාරයෙන් පාලකයින්, ජනතාව රවටමින් මුදල් උපයන සුදු කරපටි හොරුන් ට තිත කැබිය යුතුයි.
ගම තුළ විශාල ප්‍රශ්න තිබෙනවා. මෙම ප්‍රශ්න විසදීම රජයේ වගකීමක්. ජනාධිපතිතුමා පත් කරගනු ලැබුවේ මෙම ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂාවෙන්. දිළිදු නිසාම අධ්‍යාපනය නිසි ආකාරයෙන් සම්පුර්ණ කිරීමට නොහැකි වු තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දීමට ජනාධිපතිතුමා තීරණය කරල තිබෙනවා. එය ඉතාමත් රැඩිකල් තීරණයක්. සාම්ප්‍රදායානුකුලව සාමාන්‍ය පෙළ අසමත් කිසිවෙකුට රජයේ රැකියා ලබා ගැනීම සිහිනයක්. නමුත් ඒ සිහිනය යථාර්ථයක් කිරීමට අවශ්‍ය චක්‍රලේඛ වෙනස් කරල කැබිනට් අනුමැතිය සහිතව මුදල් අමාත්‍යාංශයට ඊට අදාල ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ දක්වා පැවති ආණ්ඩු ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සදහා වු අවධානය යොමු කළ ද මෙවර අධ්‍යාපනය වෙළදපළ රැකියා උත්පාදනය, සෞඛ්‍ය කෘෂි ක්ෂේත්රය යන අංශ කෙරෙහි යොමු වු ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.
එසේම යෝග්‍ය තාක්ෂණය යොදා ගැනීම, ස්වාභාවික සම්පත් නිසි ආකාරයෙන් නිස්සාරණය කිරීම සහ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා ක්‍රමවේද සුලභ කිරීම තුළින් ආදායම් ප්‍රතිව්‍යාප්ත කිරීම සදහා වු වැඩපිළිවෙලක අවශ්‍යතාව රටක් වශයෙන් අපට තිබෙන අභියෝගයක් බවත් පෙන්වා දෙන ලදී. එසේම මේ සදහා වු මානව සම්පත පුහුණු කිරීම අවශ්‍ය බවත් රජයක් වශයෙන් එ සදහා මුදල් අවශ්‍ය බවත් පෙන්වාදෙන ලදී".