ඉකුත් රජය සමයේ ජනතාව ප්රතික්ෂේප කරපු දේශපාලඥයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස ඇමතිකම් ලබාගත් බව ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්රික් අපෙක්ෂක සි.බි.රත්නායක පැවසිය.
ඉකුත් රජය සමයේ ජනතාව ප්රතික්ෂේප කරපු දේශපාලඥයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස ඇමතිකම් ලබාගත් බව ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්රික් අපෙක්ෂක සි.බි.රත්නායක පැවසිය.
සි.බි.රත්නායක ඒ බැව් කියා සිටියේ (30) දින පස්වරුවේ හැටන් නගර සභා ශාලාවේ පැවති මැතිවරණ ප්රචාරක කටයුත්තකට සහභාගි වෙමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි.බි.රත්නායක මහතා කියා සිටියේ
රටක අභිවෘද්ධිය සදහා යන මහජන නියෝජිතයන් තමයි රටේ දේශපාලනය කියන්නේ.
දෙකොටි විසි ලක්ෂයක් ඉන්න රටේ , එක් කොටි පනස් හත්ලක්ෂයක් ජන්දය භාවිතා කරන රටේ , පාර්ලිමේන්තුවට යන්න පුළුවන් 225 යි.
එකෙන් මහජන ජන්දයෙන් පත් කර ගන්නේ 197 යි. අනිත් අය ජාතික ලැයිස්තුවෙන්.
ගිය ආණ්ඩුවෙන් නම් ජනතාව ප්රතික්ෂේප කරපු අය ජාතික ලැයිස්තුවෙන් ගිහින් ඇමතිකම් ලබා ගත්තා.
රටේ අනාගතය සදහා ඔබ ජන්දය හරියට භාවිතා කරන්න ඕනි. අපි කවදාවත් හිතුවේ නැ කොරොනා වසංගතය අපේ ලෝකය වැලද ගයි , අපේ රට වැලද ගයි කියලා.
ජන්දය සුදනාම් වුණාට පස්සේ ජන්දය කල් දාන්න වුණේ කොරොනා වෛරසය හින්දා. පාසල් වහන්න වුණේ , නිරෝධාන ඇදිරි නිතිය දාන්න වුණේ කොරොනා වෛරසය නිසා. එ නිසි අයුරින් අපි පත් කර ගත්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කලමණාකරණය කරා. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා , ඔවුන් ඕනි ආණ්ඩු පිහිටු වන්න , විපක්ෂයක් හදන්න නෙවෙයි , සිරිකොත ආරක්ෂා කර ගන්න.
අපි 2/3 බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවනවා. විපක්ෂය කවුද කියලා තමයි ප්රශ්නේ? ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා එෆ්.සි.අයි එකක් පිහිටුවලා එක එක්කෙනා හිර කලා. දේශපාලන පලි ගැනිම් විතරයි නේද කලේ. විපක්ෂයටවත් එන්න බැරි එක්සත් ජාතික පක්ෂය ගැන දුකයි. එක් කෙනෙක් දුරකථනය අරගෙන ගියා හැබැයි ඒකට ඇමතුමක් ගත්තම කණගාටුයි දුරකථනය විසන්ධි වි ඇත කියනවා. ඉඩම් නැති අයට මම ඉඩම් ලබා දෙනවා.