ඉදිරි ජනපතිවරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙයි.
නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ සාකච්ඡා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් පණිවිඩ කිහිපයක්ම ලැබී ඇති බවයි.
“ජනතා විමුක්ති පෙරමුණත් සාකච්ඡාවකට, යම් එකඟතාවකට ඉන්නවා. අපිට යම් යම් පණිවිඩ ලැබී තිබෙනවා. දැන් අපි බලනවා ඒකත් සාකච්ඡා කරන්න. මොකද රට නිදහස් කර ගන්න තවත් අත්තනෝමතිකත්වයකට රට භාර දිය යුතු නෑ කියලයි හිතන්නේ.”