ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර 10 කට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ජන හා නිවාස සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියර 2020 වර්ෂයේදී සහ ගණන් ගැනීමේ හා දත්ත ප්‍රචලිත කිරීමේ අදියරයන් 2021 වර්ෂයේදී සිදුකිරීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර තිබේ.