සතොස මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනා හෙට (12දා) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
කුරුණෑගල මහාධිකරණයේ මෙම නඩුව අද සිට දිනපතා විභාග වෙයි. කෙසේ වෙතත් නඩුව වාර්තා කිරීමට මාධ්‍ය වෙත තහනමක් පනවා තිබේ.