පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව කඩා වැටුණු සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු යළිත් යථා තත්ත්යට පත්වෙමින් තිබේ. ඒ අනුව අද දිනයේදී සාමාන්‍ය පරිදි රාජ්‍ය හා පෞද්ගලික සේවක සේවිකාවන් සේවයට වාර්තා කළේය.
එසේම දුම්රිය හා බස් ඇතුළු පොදු ප්‍රවාහනයද, පෞද්ගලික වාහන වලින්ද සේවා ස්ථානයට වාර්තා කරන සංඛ්‍යාව අද දිනයේදී ඉහළ ගොස් තිබුණි. මේ අතර පාසල් සිසුන්ගේ හා ගුරුවන්ගේ පැමිණීමද ඉතා ඉහළ අගයක් ගත්තේය.