මහ මැතිවරණය ජුනි 20 දින පැවැත්විමට මැතිවරණ කොමිසම තිරණය කර ඇති බවත්, එදින වනවිට කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානම පහව නොගියහොත් මැතිවරණය තවදුරටත් කල් දැමිමට මැතිවරණ කොමිසමට බලය ඇති බව මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටියේ පිහිටි ඔහුගේ නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසිය.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක්වු මහින්දානන්ද මහතා ,
“පසුගිය මාර්තු 2 දින ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත් සමග අප්‍රේල් මස 25 දින පාර්ලිමේන්තුව සදහා දින නියම කරා මැතිවරණ කොමිසම.
රටේ පවතින කොරොනා තත්ත්වයත් සමග ඊයේ මැතිවරණ කොමිසම රැස්වෙලා පාර්ලිමේන්තුවේ 1981 පනත අනුව 24 වෙනි වගන්තිය අනුව කොමිසමට තියෙන බලතල අනුව කොමිසම මගින් ජුනි මස 20 දිනට මහ මැතිවරණයට දින නියම කරා.
ඒක කොමිසමේ වගකිම, දැන් මිනිස්සු හිතනවා ඇදිරි නිතිය ලිහිල් කිරිමත් , පාර්ලිමේන්තු මැතිවරණ දින නියම කිරිමත් සමගම ආණ්ඩුව උත්සාහ කරනවා කියලා කොරොනා වසංගතය ඇතුලේ මැතිවරණයට යන්න හදනවා කියලා.
මේක වැරදි අර්ථ කථනයක් , ජුනි මස 20 වෙනකොට මෙම වසංගත තත්ත්වය පහව ගොස් නැත්තම් මැතිවරණ කොමිසම මැතිවරණ දිනය වෙනස් කරනවා.
මැතිවරණය පිළිබදව වගකිම තියෙන්නේ කොමිසමට , රට යථා තත්ත්වයට පත් කිරිමේ වගකිම තියෙන්නේ ආණ්ඩුවට.
විපක්ෂය හිතගෙන හිටියේ ජුනි මස 2 දින වනකම් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ නැතුව හිටියොත් මේ අර්බුදයකට ගිහින් පරණ පර්ලිමේන්තුව කැඳවයි කියලා.
සජිත් ප්‍රේමදාස මහතාගේ පිලේ ඉන්නවා විශාල පිරිසක් විශ්‍රාම වැටුප නැති , ඔහුන් උත්සහ කරන්නේ ජුනි 2 වෙනකම් ගිහින් තමන්ගේ විශ්‍රාම වැටුප ආරක්ෂා කර ගන්න.
දිස්ත්‍රික්ක ගණනාවක කිසිදු රෝගියෙකු හඳුනාගෙන නැ. නමුත් ඒ දිස්ත්‍රික්ක වල ජනතාව තමන්ගේ එදිනෙදා ජිවිත කටයුතු සිදු කරන්න බැ . එක අසාධාරණයි. ඒ නිසා රජය කටයුතු කරන්න ඕනි එම ප්‍රදේශවල වසංගත තත්ත්වය නැති නිසා එම ප්‍රදේශ යථා තත්ත්වයට පත් කරන්න.
මැතිවරණ කොමිසමට සිදු වෙනවා ජුනි මස වෙන විටත් වසංගත තත්ත්වය පහව ගොස් නැත්නම් මැතිවරණය කල් දාන්න.
ආණ්ඩුවේ වගකිම වෙන්නේ මේ රටේ ජනතාවගේ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරිම.
මාස දෙකක් සියලුම කර්මාන්ත ශාලා වහලා , සේවකයෝ ගෙවල් වල තියාගෙන පඩි ගෙවනවා. ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න බැ.
විපක්ෂය මඩ ගහනවා ආණ්ඩුව කොරොනා අස්සේ මැතිවරණයකට යන්න හදනවා කියලා.
මැතිවරණය ගැන පැහැදිලි දිනයක් නැ කොමිසම විසින් දින පමණයි නියම කරලා තියෙන්නේ. ඒ නිසා මේක පටලව ගන්න එපා” යනුවෙන් පැවසිය.