එළැඹෙන ජූනි 07 වැනිදා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එහිදී ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් සම්බන්දයෙන් සාකච්ඡා කරනු ඇති බව අද පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර පසුගිය 20 වැනිදා රැස්වූ පාර්ලිමේන්තුව එළැඹෙන 08 වැනිදා දක්වා කල් දමනු ලැබූ අතර එදින පාර්ලිමේන්තුව රැස්වන බවද ධම්මික දසනායක මහතා වැඩිදුරටත් පැවසීය.