දැනට පිහිටුවා ඇති ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය තවදුරටත් ස්වාධීනව පවත්වාගෙන යෑම සඳහා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනලදී.
ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථාන තුළින් විශාල ආදායමක් උපයාගැනීමට ඇතැම් රටවල් ක්‍රියා කරමින් සිටින අතර, ශ්‍රී ලංකාවේද ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවීම තුළින් කලාපයේ රටවල වෙළෙඳ කටයුතුවලදී බේරුම්කරණයන් මෙරට බේරුම්කරණ මධ්‍යස්ථානය වෙත යොමු කරවාගැනීමට කටයුතු කිරීම ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් වාසිදායක වනු ඇත.
එසේම ඉදිරියේදී රජයේ ආයතන විසින් එළඹෙන ගිවිසුම්වල බේරුම්කරණයට අදාළ විධිවිධාන ඇතුළත් කිරීමේදී එවැනි බේරුම්කරණ කටයුතු ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය මගින් සිදුකළ යුතු බවට වන විධිවිධාන එකී ගිවිසුම්වල ඇතුළත් කළ යුතු බවටද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් තීරණය කරන ලදී.
ජාත්‍යන්තර වාණිජ ගිවිසුම් සහ වෙනත් ජාත්‍යන්තර සබඳතා ආශ්‍ර‘යෙන් පැන නැගෙන ආරවුල් නිරාකරණය කරගැනීම පිණිස කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා 2012 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
තවද එකී මධ්‍යස්ථානය ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ස්ථාපනය කිරීම 2015 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් ආර්බිට්රේෂන් සෙන්ටර් (ගරන්ටි) ලිමිටඩ් සමාගම 2016.12.20 වැනිදින සංස්ථාගත කර ඇත.