4 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර මානුෂවාදි බිම්වෙඩි ඉවත්කිරීමේ දිනය සැමරීමේ ප්‍රධාන උත්සවය සහ යුද්ධය නිසා සිදුවූ අවතැන්වීම සම්බන්ධයෙන් ස්ථිරසාර විසදුම් ලබාදීම පිළිබද වන ජාතික ප්‍රතිපත්තිය පිළබඳව දැනුවත් කිරීමේ වැඩසටහන අද (05) දින කිළිනොච්චිය පරවි පන්ජාන් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම, උතුරු පළාත් සංවර්ධන හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රි, ලංකාවේ බිම්බෝම්බ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.
ශ්‍රි ලංකාව 2020 වන විට බිම්වෙඩි වලින් තොර කලාපයක් කිරීම උදෙසා ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන වඩාත් සාර්ථක කර ගැනීම සහ යුද්ධය නිසා සිදු වූ අවතැන්වීම සම්බන්ධයෙන් ස්ථිරසාර විසදුම් ලබාදීම පිළිබදව වන ජාතික ප්‍රතිපත්තිය පිළිබදව බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී සිටින සාමාජිකයින් දැනුවත් කිරීම, දිරිගැන්වීම හා ඇගයීම මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ විය.
වවුනියාව දිස්ත්‍රීක් දිසාපත අයි.එම්. හනීෆා මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින කිලිනොච්චියේදී මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.