එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් තමන්ට නිදහසේ වැඩ කිරීමට අවස්ථාව ලබාදුනහොත් පක්ෂයේ තිබෙන ශක්තීන් ඉස්මතු කර පක්ෂය ඉහළ තැනකට ගෙන යන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
පක්ෂයේ තරුණ කණ්ඩායම හා දෙවැනි පෙළ නායකයන් තුළ පක්ෂය ඉදිරියට ගැනීමට එකමුතුවක් තිබෙන බවත්, ඔවුන් අතර කිසිදු බෙදීමක් , වාදබේද හෝ මතවාද නැති බවත්,ඇමතිවරයා සඳහන් කළේය.
බොහෝ කාලයක් දේශපාලනයේ නිරත වී සංවිධාන කටයුතු සිදු කර තමන්ට අත්දැකීම් තිබෙන බවත්, ඒ අනුව කටයුතු කිරීම නිසා පසුගිය මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ බහුරතයක් දිනා ගැනීමට ලැබුණු බවත් පැවසූ දිසානායක මහතා පක්ෂය ජාතික මට්ටමින් සංවිධානය කිරීමේදී එවැනි ආකෘති සකස් කර ගත හැකි බව කියා සිටියේය.
රුවන් විජයවර්ධන කමිටුව විසින් නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ආරම්භ කර තිබෙන බවත්, ඒ අනුව සජිත් ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් හා තමන් ඇතුළත් කරමින් පත් කර තිබෙන නායකත්ව මණ්ඩලය විසින් ආසන සංවිධායකවරුන් පිරිසක් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවීන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය ගම්මට්ටමින් නව ආකාරයකට සංවිධානය කිරීමටත්, පක්ෂයෙන් ගිලිහී ගිය හා ආකර්ෂණය කර ගත නොහැකි වූ සිංහල බෞද්ධ ඡන්ද එකතු කර ගැනීමටත් කටයුතු කරගෙන යන බවයි.