ජාතික වනෝඋද්යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා අද (14දා) දින සිට අන්තර්ජාලය හරහා ප්‍ර‘වේශපත්රවෙන්කර ගැනීමේ පහසුකම් ලබාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙමක්‍රමය හරහා ලෝකයේ ඕනෑම රටක සිට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා ප්‍ර‘වේශපත්‍ර වෙන්කරවා ගැනීමේ අවස්ථාව හිමිව ඇත.
ඊ-ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ සේවාව ලෙස හඳුන්වන මෙම ක්‍රමය හඳුන්වාදීමේ නිල උත්සවය අද (14දා) දින සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙම පහසුකම් සැලසීම යටතේ ප්‍රථමයෙන්ම විල්පත්තුව ජාතික උද්‍යානයට ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමආරම්භ කරනඅතර, පසුව අනෙකුත් ජාතික වනෝද්‍යානවලට පිවිසීමේ ප්‍රවේශපත්‍ර අලෙවිය දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.