ජනබලය කොළමට රැළියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේ මේ වන විට ආණ්ඩුව බොහෝ සෙයින් කලබල වී ඇති බවයි. ඉක්මනින් ජාතික මැතිවරණයක් අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
“ආණ්ඩුව හොඳටම කලබල වෙලා මුළු ලංකාවේම පොලීසිවල අය කොළඹට ගෙනල්ලා. මොන කරදර ආවත් අද හසවට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට එනවා. තව ටික වේලාවකින් පක්ෂ නායකයන් එක්වෙනවා. තාම යන තැනක් පිළිබඳව තීන්දුවක් අරගෙන නෑ. මම වේදිකාව නිර්මාණය කළා. ආණ්ඩුවෙන් බැටකාපු සියලු දෙනා වෙනුවෙන් සංවිධානය කළ වේදිකාවක්.
ආණ්ඩුව හිතාගෙන ඉන්නේ කයිවාරු ගැහුවම, බොරු කිව්වාම රටේ ජනතාව රැවටෙයි කියලයි. අපි ආණ්ඩුවට කියන්නේ ජනබලය කොළඹට එන්නෙ ඇයි කියන හේතුව ඔබතුමාලා තේරුම් ගන්න. කරුණාකර මේ අස්ථාවර ආණ්ඩුව විසුරුවලා ස්ථාවර ආණ්ඩුවක් සකස්කර ගන්න ජාතික මැතිවරණයකට යන්න.”