ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු
දිවයිනේ ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මීට අදාළ සම්මුඛ පරීක්ෂණ හෙට සිට (ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 10 දක්වා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.
පසුගිය කාලය මුලුල්ලේ නිසි පරිදි පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ජාතික පාසල් රැසක සුදුසුකම් සහිත විදුහල්පති පුරප්පාඩු නිර්මාණය වී තිබූ අතර, මීට අමතරව ඇතැම් විදුහල්පතිවරුන් දීර්ඝ කාලයක් තිස්සේ එකම පාසලක සේවය කර ඇති බවද අනාවරණය වී තිබේ.
ඒ අනුව වසර අටකට වැඩි කාලයක් එකම ජාතික පාසලේ සේවය කළ විදුහල්පතිවරුන් වෙනත් පාසල් සඳහා මාරු කිරීමටද රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය ලැබී තිබේ.
බඳවා ගන්නා විදුහල්පතිවරුන් මෙම වසර අවසානයට පෙර ජාතික පාසල්වල අදාළ පුරප්පාඩු සඳහා ස්ථානගත කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

-
rocky Tuesday, 16 October 2018 08:31 AM
සිම්පල්නේ! ඔය ඇමති උපදේශක වරු ඕන තරම් ඉන්නේ. උන්ව දාල පුරවන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
