ඕනෑම රට ජාතික ධජය එරට සංකේතයක් බව චීනයේ ස්ථාවරය බවත් එයට සම්පූර්ණයෙන්ම ගරු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකාවේ ජාතික ධජයෙන් සකස් කළ පාපිස්නාවක් ඇමේසන් වෙබ් අඩවිය තුළ අලෙවි කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය මේ බව පවසයි.
එම පාපිස්නාව චීන නිෂ්පාදකයෙක් විසින් නිකුත් කර තිබූ අතර එම නුසුදුසු ප්‍රචාරය පිළිබඳව තානාපති කාර්යාලය අවධානය යොමුකර ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
ඒ පිළිබඳව විමර්ශනය කිරීම හා ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා අදාළ චීන බලධාරීන් වෙත දැනුම් දී ඇති බවත් විවිධ රටවල වෙළෙන්දන් විසින් නිෂ්පාදනය කරනු ලබන විවිධ ජාතීන්ගේ ධජ සහිත සමාන නිෂ්පාදන දහස් ගණනක් ඇමසන් වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවද තානාපති කාර්යාලය පවසයි.
ද්විපාර්ශ්වික ක්ෂේත්රවල හෝ ජාත්‍යන්තර වේදිකාවලදී කුමක් වුවත්, දශක ගණනාවක් තිස්සේ චීනය ශ්‍රී ලංකාවේ සාමය, සමෘද්ධිය සහ ගෞරවය වෙනුවෙන් ගරු කරමින් සහයෝගය ලබා දී ඇති බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.