රට තුළ පවතින කෙරෝනා වෛරසය හමුවේ අධ්‍යාපන කටයුතුවල නියලි සිටින පාසල් සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියලු නාලිකා මගින් හෙට ( 17) සිට අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් විකාශනය කිරිමට තිරණය කර තිබේ.
මේ වන විට දිවයිනේ සියලුම පාසල් වසා දමා ඇති නිසා පාසල් සිසුන් තම නිවසේ සිට අධ්‍යාපනික කටයුතුවලට යොමු කිරිමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව ගුවන් විදුලි සංස්ථාවේ සිටි.එෆ් එම් නාලිකාව හා ස්වදේශිය සේවය , වෙළද සේවය ,තෙන්ඩ්රල් නාලිකාව සහ රේඩියෝ ශ්‍රී ලංකා නාලිකාව ඔස්සේ මෙම වැඩසටහන් නැරඹ්මේ අවස්ථාව ලබා දි තිබේ.
ප්රවිණ ගුරු මණ්ඩලයක් හා දේශක මඩුල්ලක් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබේ.