ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.
අදට යෙදී ඇති ජාත්‍යන්තර ඕසෝන් දිනය හා මොන්ටි්රයෙල් සන්ධානයේ 32 වන සංවත්සරයට සමගාමීව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි.
මේ හා සමගාමිව ඉදිරිපත් කෙරුණු “වායු දුෂණය” පිළිබඳ පෝස්ටර් නිර්මාණ ප්‍රදර්ශනය විවෘත කිරිම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.
මෙම උත්සවයේ විද්වත් දේශනය “මොන්ටි්රයල් සන්ධානයට සිදුකරන ලද කිගාලි සංශෝධනය සහ දේශගුණික විපර්යාස වැලැක්වීම සඳහා එයින් ලබාදෙන දායකත්වය”යන මැයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ.කේ.සී.කේ පෙරේරා මහතා විසින් සිදුකරන ලදී.
ශ්‍රී ලංකාව මොන්ටි්රයල් සන්ධානයේ පාර්ශවකරුවකු වීමේ 30වන සංවත්සරය සනිටුහන් කරමින් සමරු මුද්දර කවරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.
“වායු දුෂණය අවම කිරීම”තේමාකර ගනිමින් පාසල් දරුවන් අතර පැවති තරගාවලියේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට ත්‍යාග සහ සහතිකපත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.
විශ්වවිද්‍යාල හා තාක්ෂණිකවිද්යාල වෙත පරිසර හිතකාමී උපකරණ ප්රදානය සහ රේගු බලාත්මක නිලධාරින් සඳහා ගෝලීය මොන්ටි්රයල් සන්ධාන සම්මාන ප්රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
මොන්ටි්රයල් සන්ධානයේ සියලූ පාර්ශ්වකාරී රාජ්‍යයන් විසින් සෑම වසරකම සැප්තැම්බර් 16 දින ජගත් ඕසෝන් දිනය වශයෙන් සමරනු ලබන අතර, ශ්‍රී ලංකාව ද එම සන්ධානයේ පාර්ශ්වකරුවෙකු ලෙස නොකඩවාම එම වැදගත් දිනය සැමරීම සිදු කරනු ලබයි.
ඕසෝන් වියන සුරැකිමේදි ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සංවර්ධිත රටවලට ඉදිරියෙන් සිටින අතර, ඕසෝන් වියනට හානි කරවායුනිකුත් කරන උපාංග භාවිතයෙන් ඉවත් කිරීමේදී ඉතා ඉදිරියෙන් සිටින රටක් ලෙසද සැලකේ.
මොන්ටි්රයල් සම්මුතියට අනුව ඕසෝන් වියනට අහිතකර භාවිතයන්ගෙන් ශ්‍රී ලංකාව 2020 වනවිට 35 කින් ද 2025 වනවිට 67.5 කින් ද 2030 වනවිට 100 කින් ද ඉවත්වීමට ගිවිසගෙන ඇත.