ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති කේ.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සිය නිලකාලය අවසානයේදී භාර නොදුන් නිල රථය ඊයේ (13දා) නැවතත් රජයට භාරදි තිබේ.
ජාතික සිය නිල කාලය අවසන් වී තිබියදීත් හිටපු සභාපතිවරයා නිල රථය භාවිත කරන බවට 'අද' හෙළිදරව් කළේය.
හිටපු සභාපතිවරයා සිය රියදුරා සමග පැමිණ නිල රථය නැවතත් ජාතික ගමනාගමන කොමිෂම වෙත භාර දී තිබේ.
සභාපතිවරයාගේ වසර තුනක නිල කාලය මේ මස 08 වැනිදා අවසන් වූ බවත්, මේ නිසා නිල කාමරය මුද්‍රා තබා ඔහු නිල රථය රැගෙන ගොස් තිබෙන බවත් එම සේවකයෝ චෝදනා කළහ.