වැඩ බලන පොලිස්පති තුමාගේ විශේෂ ඉල්ලිමක් පිට ජාඇල පොලිස් ස්ථානයේ සාමාජිකයන් 90 දෙනෙකු ඊයේ දින (2) කටාන පොලිස් අභ්‍යාස විදුහලේදි පී.සී.ආර් පරික්ෂණයකට යොමු කිරිමට සෞඛ්‍ය බලධාරින් විසින් කටයුතු යොදා තිබුණ බව ජාඇල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිලන්ත බණ්ඩාර තිබිබුටුමුල්ල මහතා පැවසිය.
ඒ අනුව ජාඇල පොලීසියේ ස්ථානාධිපති වරයාගේ සිට පොලිස් පරික්ෂක සහ උපපොලිස් පරික්ෂකවරුන්,පොලිස් සැරයන් වරුන් සහ සියලු පොලිස් කොස්තාපල් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් ඇතුලු පොලීසියේ සුළු සේවකයා දක්වා සැවොම එම පරික්ෂණයට සහභාගි කරවා ගත් බව ජාඇල මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතා පැවසිය.
පසුගිය සති කිහිපය තුළ ජාඇල සුදුවැල්ලේ කොවිඩි ආසාදිතයන් සමග ළග සබඳතා පැවැත්වුවන් සොයා ප්‍රදේශයේ කළ මෙහෙයුම් වලදි තම සෞඛ්‍ය අවධානමද නොතකා ජාඇල පොලීසිය විශාල දායකත්වයක් ලබා දි තිබුණි.
ජාඇල තිස්ස කොටින්කඩුව