ජා-ඇල තුඩැල්ල ප්‍රදේශයේ මහා පරිමාණ මත්ස්‍ය අපනයන කර්මාන්ත ශාලාවක හා කදාණ ප්‍රදේශයේ සිගරට් අලවි නියෝජිත ආයතනයක කොවිඩ් 19 රෝගය ආසාධිත පුද්ගලයන් 119 දෙනකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පැවසීය.
ඒ අනුව තුඩැල්ල මත්ස්‍ය අපනයන ආයතනයෙන් කොවිඩ් 19 ආසාධිතයන් 88 දෙනකුද, කදාන සිගරට් අලවි නියෝජිත ආයතනයෙන් ආසාධිතයන් 31 දෙනකුද සොයාගෙන තිබේ. මෙම මත්ස්‍ය අපනයන කර්මාන්ත ශාලාවේ සේවකයන් 25 දෙනකු ඒකල කොටුගොඩ ප්‍රදේශයේ සාදයක් පවත්වා ඇති අතර ප්‍රථමයෙන් ආසාධනය වී ඇත්තේ එම පිරිස බවත් ඔවුන් ආශ්රයෙන් කර්මාන්ත ශාලාවේ සෙසු පිරිසට කොවිඩ් ආසාධනය වන්නට ඇතැයි සැක කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා පැවසීය.
මෙලෙස කොවිඩ් 19 ආසාධිත පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින බවත් ආසාධිතයන්ගේ ලගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කල බවත විජේසිංහ මහතා පවසා සිටියහ.
ජා-ඇල ප්‍රසංග පෙරේරා