ජා-ඇල ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරීවරයා ඇතුළු එහි නිලධාරීන් පිරිසක් කොවිඩ් 19 ආසාදිතයන් බව අද අනාවරණය වීම හේතුවෙන් ප්‍රාදේශීය සභා කාර්යාල කටයුතු අඩපණ විය හැකි බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පැවසීය.
තවදුරටත් එම කාර්යාලයේ සේවකයන් PCR පරීක්ෂණ වලට භාජනය කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.
ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා පවසා සිටියේ ප්‍රදේශිය සභා සේවකයන්ට කොවිඩ් 19 ආසාදනය වීම නිසා 09 දා පැවැත්වීමට තිබු ප්‍රාදේශීය සභාවේ මාසික මහ සභා රැස්වීම දින නියමයක් නැතිව කල් දැමීමට කටයුතු කල බවයි.
ජා-ඇල ප්‍රසංග පෙරේරා/ කදාණ කුමාර