ජා-ඇල පොලිස් බල ප්‍රදේශයේ දින 46 ක් පුරා පැවති ඇදිරි නීතිය 23 දා අලුයම 05.00 ට ඉවත් කලද ජා-ඇල පොදු වෙළදපොළ තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇත.
වෙළඳ කටයුතු සදහා පැමිණි ව්‍යාපාරිකයින් පොදු වෙළඳපොළෙහි තම කඩ විවෘත කිරීමට නොහැකිව සිටිනු දක්නට ලැබිණි.
මේ සම්බන්ධයෙන් ජා-ඇල නගරාධිපති ශම්මික ඩයස් මහතාගෙන් විමසා සිටියදී ඒ මහතා පවසා සිටියේ අද අළුයම ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමග පොදු වෙළඳපොළ පූර්ණ විෂබීජහරණයකට ලක් කල යූතු බවයි. දීර්ඝ කාලයක් වසා දමා තිබූ පොදු වෙළඳපොළ තුළ පවතින අධික දුර්ගන්ධය සේම පැතිර පවත්නා විෂබීජ හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම ව්‍යාපාරකයින්ද සෞඛ්‍ය තර්ජන වලට මුහුණ දීමේ අවදානමක් පවතින බව ද නගරාධිපති වරයා පැවසීය.
කෙසේ වුවද හැකි ඉක්මනින් පොදු වෙළඳපොළ විෂබීජ හරණයට ලක් කර වෙළඳ කටයූතු සදහා ව්‍යපාරිකයන්ට අවස්ථාව ලබා දෙන බව ද ශම්මික ඩයස් මහතා කියාසිටියහ.
කෙසේ වුවද පොදු වෙළඳපොළ විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය නීතී රීති උපරිමයෙන් වෙළඳ ව්‍යාපාරිකයින් පිළිපදිණු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද නගරාධිපතිවරයා පැවසීය.
ජා-ඇල ප්‍රසංග පෙරේරා