කොවිඩ් 19 ආසාදිත කොන්දොස්තර මහතෙකු හමුවීම හේතුවෙන් ජා-ඇල ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝව අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ජා-ඇල නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා පවසා සිටියහ.
මේ අනුව එම ඩිපෝවෙහි සේවය කල 153 දෙනකු නිරෝධායනයට ලක් කර තිබේ.
ජාඇල රාගම 376 බස් මාර්ගයේ ධාවනය කල බස් රථයක රියදුරු මහතකුට මෙලෙස කොවිඩ් 19 ආසාධනය වී තිබිණි. මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා පවසා සිටියේ ජනවාරි පලමුවනදා සිට ජා-ඇලින් පෙ.ව 6.30 / 9.30/11.30 ප.ව2.00,/5.00 යන වේලාවන් හිදී ගමන් ගත් මගීන් හා රාගමින් පෙ. ව.7.50/10.30/12.30 ප.ව 3.50/5.50 යන වේලාවන් හී ගමන් ගත් මගීන් ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙසයි.
යම් කොවිඩ් රෝග ලක්ෂණයක් ඇතොත් වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරන ලෙසද ධනංජය හේරත් මහතා ඉල්ලා සිටියේය .
ජා-ඇල ප්‍රසංග පෙරේරා.