අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතා ඡායරූප මාධ්‍යවේදියෙකුට බාධා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් විසින් වැඩබලන පොලිස්පතිවරායට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම ඡායාරූප මාධ්‍යවේදියා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිල මාධ්‍ය හැඳුනුම්පත දරන්නෙක්ද වන බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණය් පවත්වන ලෙසත් සඳහන් කරමින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.