පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දය සලකුණු කිරීම සඳහා මෙම මැතිවරණයේදී තමන්ගේ පෑනක් භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.
ඒ අනුව නිල් හෝ කලු පැහැති බෝල තුඩු පෑනක් මෙසේ රැගෙන යාමට අවස්ථාව ඇති බවත් එම පෑන යම් පක්ෂයක්/අපේක්ෂකයක් ප්රවර්ධනය වන ආකාරයේ කිසිඳු සලකුණක්, වර්ණයක්, ලාංඡනයක් සහිත එකක් නොවිය යුතු බවත් කොමිෂම පවසයි.
යම් ඡන්ද දායකයෙකුට පෑනක් ගෙන ඒමට නොහැකිවුවහොත් ඡන්දය ප්රකාශ කිරීම සඳහා විෂබීජහරණය කළ පෑනක් ලබාදෙන බවද කොමිෂන් සභාව වැඩිදුරටත් ප්රකාශ කරයි.