2020 ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචිවීමට නිර්දේශ වී නොමැති පුද්ගලයින්ට ලබන 19 වනදාට පෙර ඒ සම්බන්ධයෙන් විමසීම් සිදුකළ හැකි බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
ඡන්දහිමි නාමලේඛණයේ ලියාපදිංචිවීම සඳහා නිර්දේශ වී ඇති පුද්ගලයින්ගේ නාමලේඛනය www.elections.gov.lk වෙබ්අඩවියෙන් පරික්ෂා කිරිමේ හැකියාව පවතී.
කෙසේවෙතත්, යම් පුද්ගලයෙකුගේ නම එහි සඳහන් වී නොමැති නම් ප්රදේශයේ ග්රාම නිලධාරිවරයා මාර්ගයෙන් ලබන 19 වනදා ට පෙර ඒ සම්බන්ධයෙන් විමසීම් සිදුකර ඡන්දහිමි නාමලේඛණයට නම ඇතුළත් කර ගැනිම සඳහා ඉල්ලීම් සිදුකළ හැකි බව මැතිවරණ කොමිසන් සභාව පැවසීය.