චීනයේ සිට කාබනික පොහොර ශ්‍රි ලංකාවට ගෙන ආ නැව ආපසු ගොස් ඇති බවත් ශ්‍රි ලංකාවේ ප්‍රමිතීන්ට අනුව පොහොර ලබාදීමට අදාළ සමාගම එකඟ වි ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කලේය.
එසේම එම පොහොර ගෙන ආ සමාගම අදාළ පොහොර ප්‍රමිතියෙන් තොර බවට පිළිඅරගෙන ඇති බවත් ඒවා නිවැරදි කිරිමෙන් පසු නැවත පොහොර ගෙන්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මිනිසුන්, සතුන් හා ශාක සඳහා අහිතකර පොහොර කිසිවක් ගෙන්වන්නේ නැති බවත් ඔහු පැවැසීය.
“මහ කන්නය ඔක්තෝබර් 15දා අම්පාරින් ආරම්භ කරනවා. මේ සඳහා අවශ්‍ය කාබනික කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර තිබෙනවා. ජෛව දියර පොහොර නිෂ්පාදනය කර තිබෙනවා. පොටෑසියම් ගෙන්වා තිබෙනවා.
නයිට්රජන් මේ මස අවසාන වන විට ගෙන්වනවා. මහ කන්නයට ප්‍රශ්නයක් නැතිව පොරෙහාර දෙන්න පුළුවන්.
චිනයෙන් පොහොර ආනයනය කළ සමාගම පිළිඅරගෙන තිබෙනවා වරදක් තිබෙනවා කියා. නිවරුදි කර ආපසු පොහොර ගෙන්වනවා. පොහොර ගෙනාපු නැව ආපසු ගොස් තිබෙනවා.
අවශ්‍ය නිර්ණායකවලට තිබෙනවානම් පමණයි පොහොර ගෙන්වන්නේ. නිවැරදි කරලා එවන බවට ඔවුන් දන්වා තිබෙනවා.
අනෙකුත් භෝග සඳහා අවහ්‍ය පොහොර ආනයනය කරනවා.ඒ වගේම තේ මන්ඩලයේ නිර්දේශ කළ පොහොරත් ගෙන්වනවා.”