චීන ශ්‍රී ලංකා හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යෑම තම බලාපොරොත්තුව බව ශ්‍රී ලංකාවට පත්ව ආ නව චීන තානාපති චී ශෙන්හුන්ග් මහතා පැවැසීය. නව තානාපතිවරයා කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී තනතුර භාර ගැනීමේ දේශනය පවත්වමින් මේ බව පැවැසීය.
ඔහුගේ දේශනය පහතින්
ආදරණීය ශ්‍රී ලාංකික මිතුරනි,
ශ්‍රී ලංකාවට ළඟා වූ මොහොතේ සිට, ඉන්දියානු සාගරයේ මුතු ඇටය ලෙස සැලකෙන මේ රටේ සුන්දරත්වය, උද්යෝගය හා මිත්‍රත්වය මට දැඩි ලෙස දැනෙන්නට විය. මම ඉන් උණුසුම් හා සංවේදී භාවය ලැබුවෙමි. චීන රජය හා ජනතාව ලබා දෙන වගකීම භාර ගන්නා දූතයෙක් ලෙස මම මිත්‍රශීලි ශ්‍රී ලංකාවට පැමිණියෙමි. ගෞරව පූර්වකව මෙම වැදගත් වගකීම භාර ගන්නා බව දන්වමි.
චීනය හා ශ්‍රී ලංකාව අතර මිතුදමට දිගු ඉතිහාසයක් තිබේ. දෙරට, පාරම්පරික මිතුදම උපාය මාර්ගික හවුල්කාරීත්වය බවට පත්ව ඇත. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගීමෙන් පසු, විශේෂයෙන්ම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2014 වසරේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමෙන් පසු දෙරටේ විවිධ ක්ෂේත්රවල හුවමාරු හා සහයෝගිතා අතින් කැපී පෙනෙන ප්‍රතිඵල ලබා ගෙන තිබේ.
එමෙන්ම දෙරට ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවල සමීප ලෙස සංවාද පවත්වා ඇත. දෙරට අඛණ්ඩ මිතුදම තුළින් උපාය මාර්ගික විශ්වාසය ක්‍රමයෙන් වැඩි වී ඇත. මේ වසරේ වසංගතයට එරෙහි ඒකාබද්ධ සටනේදී දෙරටේ සබඳතාව යළි ඉහළ මට්ටමට පැමිණ ඇත. මිත්‍රත්වය මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් අනුබල දීම සහිත දෙරටේ සබඳතාව ආදර්ශයක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස මම අවංකව බලාපොරොත්තු වන්නේ, චීන හා ශ්‍රී ලංකා මිතුරන් සමග දෙරටේ නායකයන්ගේ එකඟතාව ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින් දෙරටේ අන්‍යෝන්‍ය පාරම්පරික මිතුදම සහිත උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව ඉදිරියට ගෙන යාමටයි. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ ස්ථාපිත කිරීම හා විවිධ ක්ෂේත්රවල ප්‍රායෝගික සහයෝගිතා පැවැත්වීම මගින් දෙරටේ ජනතාවට වැඩිපුර ප්රතිලාභ ලබා දීමටත් කලාපීය සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධිමත් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් මම බලාපොරොත්තු වෙමි.
ඔබ සැමට නැවතත් ස්තුතියි.