ශ්‍රී ලංකාවට යුවාන් බිලයන 2ක (රුපියල් බිලියන 61.5ක) මුල්‍යමය පහසුකම් ලබාදීමට චීන සංවර්ධන බැංකුව කටයුතු කර තිබේ.
මේ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා චීන සංවර්ධන බැංකුව ගිවිසුමකට එක්වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ආර්ථික ප්‍රකෘතිය, කොවිඩ් ප්‍රතිචාර දැක්වීම, මූල්‍යමය ස්ථාවරත්වය හා ජීවිකාව ඉහළ නැංවීම වෙනුවෙන් මෙම මූල්‍යමය පහසුකම ශ්‍රී ලංකා ඉල්ලුම් කළ බවද තානාපති කාර්යාලය නිවේදනය කරයි.