චීන සංවර්ධන බැංකුවෙන් සහන ණයක් ලෙස මැයි මාසයේදී ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් ලැබීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසී්‍ය.
මෙය මෑතකදී ප්‍රකාශයට පත් කළ ඇමරිකානු ඩොලර් මිලියන 500 ට අමතරව ලැබෙන මූල්‍ය පහසුකමකි.
විවිධ අවශ්‍යතා සඳහා මේ ආකාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක් චීනයෙන් ලැබීමට නියමිතව තිබේ.
යටිතල පහසුකම් සංවර්ධනය, අයවැය සහාය සහ ණය සේවාකරණ ගෙවීම් සඳහා මේවා භාවිත කිරීමේ අවස්ථාව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කැළුම් බණ්ඩාර