ඉන්දියාවේ නව කොවිඩ්-19 ආසාදිතයන් 83,337ක් පෙරේදා (02දා) දිනයේ වාර්තා වී ඇති අතර, එය දෛනික ආසාදනවලින් මෙතෙක් වාර්තා වූ වැඩිම අගය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට ඉන්දියාවේ හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,853,406ක් වන අතර, අවම වශයෙන් මරණ 67,376ක්ද ඊට ඇතුළත්ය. ඉන්දියාවට වඩා ආසාදිතයන් හා මරණ වාර්තා වන්නේ එක්සත් ජනපදයෙන් හා බ්‍රසීලයෙන් පමණි.
මෑත දිනවල දිල්ලි සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, අදාළ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට අනුව, බදාදා මහාරාෂ්ට්‍රයේ නව ආසාදිතයන් 15,765කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. එමෙන්ම නවදිල්ලි අගනුවරද ඇතුළුව දිල්ලියේ යුනියන් ප්‍රදේශය තුළ නව ආසාදිතයන් 2,509ක් වාර්තා වී ඇත.
ඒ අනුව ඉන්දියාවේ මෙසේ එක් දිනක් තුළ පමණක් වාර්තා වී ඇති ආසාදිතයන් 83,337ක අගය සැසඳීමේදී, වෛරසය ආරම්භ වූ චීනයෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවම 89,953ක් පමණි.
ඉන්දියාවේ මේ ආකාරයෙන් ආසාදිතයන් ඉහළ යෑම සැලකිය යුතු තත්ත්වයක් වන අතර, අසල්වැසි රාජ්‍යයන්හි කොවිඩ්-19 අවදානම පිළිබඳ නැවත තක්සේරුවක් ගතයුතු අවස්ථාවක් ලෙසද සැලකෙයි. විශේෂයෙන්ම මුඛ ආවරණ පැලඳීම ඇතුළු නිසි සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව පිළිපැදීමේ ඇති වැදගත්කම මේ හරහා ඉස්මතු කෙරෙයි.