චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මහතා හා ශ්‍රී ලංකා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබේ.
COVID-19 ට එරෙහිව චීනය ප්‍රථම වරට සටන් කළ විට ශ්‍රී ලංකාව විශාල සහයෝගයක් චීනයට ලබාදුන් බව චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීනය වෙනුවෙන් පිරිත් පිංකමක් සංවිධානය කිරීම,අප්‍රේල් 04දා චීනය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කළ විට චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ධජය අඩකුඹු කිරීම පිළිබඳව මෙහිදී චීන විදේශ අමාත්‍යවරයා මතක් කර තිබේ.
COVID-19 හි දුෂ්කර කාලසීමාවක් හරහා ශ්‍රී ලංකාව ගමන් කිරීම පිළිබඳව චීනය කනගාටුවන බවත් ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව වෛද්‍ය සැපයුම් අඛණ්ඩව ලබාදෙන බවත් වසංගතය වැළැක්වීම, පාලනය කිරීම සහ රෝග විනිශ්චය පිළිබඳ චීනයේ අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා ගන්නා බවත් චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව මුල් අවධියේදී වෛරසය පරාජය කරනු ඇතැයි චීනය විශ්වාස කර බවත් සෑමවිටම චීනයේ සිටින ශ්‍රී ලාංකික ජාතිකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සහතික කරන බවත් චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳ ගැනීමටත්, විශාල ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රමානුකූලව නැවත ආරම්භ කිරීමටත්, නිෂ්පාදන හා සැපයුම් දාමයන්හි අඛණ්ඩතාව සහතික කිරීමටත් චීනය අපේක්ෂා කරන බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
COVID-19 ලොව පුරා සිටින සියලු ජනතාවගේ සෞඛ්‍යයට හා ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙන වැංග් යී මහතා වසංගතයට එරෙහිව සටන් කිරීමේ තීරණාත්මක මොහොතේදී, ජාත්‍යන්තර ප්‍රජාවේ ඒකාබද්ධ ප්රයත්නයන් හදිසි අවශ්‍යතාවයක් බවද පෙන්වා දුන්නේය.
සමහර බලවේග දේශපාලන ක්‍රීඩා කරමින්, වෙනත් රටවලට දොස් පැවරීමට උත්සාහ කරන අතර, ඔවුන්ගේම අකාර්යක්ෂමතාව වසන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට පහර දීමට පවා උත්සාහ කන බවත් ඔහු පවසයි.
චීනය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර COVID-19 වසංගතයට එරෙහිව සටන් කරන සියළුම රටවල් මෙහෙයවීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ඉටුකරන කාර්යභාරයද අගය කරන බව ඔහු සඳහන් කරයි.
COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේදී චීනය ලබා ඇති දිරිගන්වන ප්‍රගතිය දිනේෂ් ගුණවර්ධන මහතා අගය කළ අතර මෙය චීන ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව ආරක්ෂා කිරීම පමණක් නොව ලොව පුරා අනෙකුත් සියලුම රටවල සටනට අනුබල දෙන බව සඳහන් කළේය.
වෛද්‍ය සැපයුම් ආධාර ලබාදීම වෙනුවෙන් චීනයට ස්තුතිය ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් ද වසංගතයට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට දායක වී ඇති බව ඔහු සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට චීනය දක්වන සහයෝගය ශ්‍රී ලංකාව අගය කරන අතර එය ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට ද ප්‍රබල සහයෝගයක් බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
ශ්‍රී ලංකාව චීනය සමඟ ස්ථිරව සිටින අතර COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අඛණ්ඩ කාර්යභාරය අපේක්ෂා කරයි