චීනය පුරා බොහෝ කලාප සහ නගර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් "සතියකට දින 2.5 ක" නිවාඩු ක්‍රමයක් ප්‍රකාශයට පත් කර ඇත.
මාර්තු මාසයේ සිට හෙබෙයි, ෂෙජියැන්ග් සහ ජියැන්සි පළාත්, ගන්සු පළාතේ ලෝන්ග්නාන් සහ හුබෙයි පළාතේ ලිචුවාන් ප්‍රදේශවල දින 2.5 නිවාඩු ක්‍රමය හඳුන්වා දී ඇති අතර නිවැසියන්ට ඔවුන්ගේ පවුල් සමඟ වැඩි කාලයක් ලබාදීම මෙහි අරමුණ වෙයි.
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ කැබිනට් මණ්ඩලය විසින් 2015 අගෝස්තු මස මුලදී “දින 4.5 නම්‍යශීලි වැඩ කිරීමේ ක්‍රමයක්” යෝජනා කර තිබුණි. එහෙත් කොවිඩ් වසංගතය වෙනුවෙන් ක්‍රියාත්මක කළ දැඩි වැළැක්වීමේ සහ පාලන ක්‍රියාමාර්ග හේතුවෙන් එය විශාල ලෙස පහත වැටුණි.
ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත වලට අනුව 2020 පළමු කාර්තුවේදී චීනයේ සමස්ත සිල්ලර වෙළඳාම සියයට 19 කින් අඩු වී තිබේ.
චීනය කොවිඩ් වසංගත තත්ත්වය දැන් බොහෝ දුරට පාලනය කර ඇති හෙයින්, පරිභෝජන කටයුතු හා සංචාරක කටයුතු ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.