මහජන චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික චෙන් මයිනර් මහතා ඇතුළු තවත් 17 දෙනෙකුගෙන් සමන්විත එරට ඉහළ පෙළේ රාජ්‍ය දූත පිරිසක් දින තුනක නිල සංචාරයක් සදහා අද (17) දින සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .
මෙම පිරිස සවස 4.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
මොවුන් පිළිගැනීම සදහා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයා ඇතුළු පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මෙම පිරිස මෙම ශ්‍රී ලංකා සංචාරය නිමා කර (19 ) දින ආපසු චීනය බලා පිටත්ව යෑමට නියමිතය .
කටුනායක - ටි.කේ.පි කපිල