ශ්‍රී ලංකාව තුළ කෝවිඩ්19 පැතිරීම පාලනය කිරීම සදහා අවශ්‍ය කරන පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 25,000 ක් පරිත්‍යාග කිරීමට චීන රජය තිරණය කර තිබේ. මෙය වර්තාමනයේ ශ්‍රී ලංකාවේ ඇති වී ඇති හදිසි තත්ත්වය හේතුවෙන් ගත් තීරණයක් බවත් තවත් පරීක්ෂණ කට්ටල ලබා දීම සඳහා මේ වනවිට චීන රජයේ අදාල අංශ සමග ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සාකච්ඡා කරමින් සිටින බවත් එම කාර්යාලයේ ප්‍රකාශක ලෝ චොන්ග් මහතා පැවසීය.
ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් -19 වසංගත තත්ත්වය පැතිර යාමත් සමග ගෙවී ගිය මාස 7 ක කාලයේ දී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්ටල 75,000 කට වැඩි ප්‍රමාණයක් චීන රජය විසින් පරිත්‍යාගත කර ඇත. මෙම නවතම පරිත්‍යාගය නොවැම්බර් මාසයේ පළමු සති දෙකතුළ පෙර මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ලෝ චොන්ග් මහතා පැවසීය. මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති වී ඇති තත්ත්වය පාලනය කර ගැනීමට හැකි සෑම ආකාරයකම ආධාර ලබා දීමට චීන රජය සූදානමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.