චීනය තුළ කොවිඩ් වෛරසය පාලනය කිරීමත් සමග චීනයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් පවතී. මේ වන විට රට තුළ පැවැති සංචාරක තහනම් ඉවත් කරමින් ඇති අතර ඊයේ දිනයේදී චීනයේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20කි.
චීනය තුළ මේ වන විට හුබෙයි පළාතෙන් පිටත රෝගීන් වාර්තා වීම බොහෝ දුරට අඩුව පැවැතුණත් චීනයට පැමිණෙන සංචාරකයන්ගෙන් රෝගය වාර්තා වී තිබේ.
චීනය තුළ වෛරසය උත්සන්න වීමත් සමගින් රට පුරා මහාමාර්ග පිවිසුම් සහ පිටවීම් 1,119 ක් වසා දැමීමට කටයුතු කළත් ඉන් දෙකක් හැරෙන්නට අන් සියල්ලම මේ වන විට විවෘත කර තිබේ.
ප්‍රාන්ත, නගර සහ පළාත් වල කලින් වසා ඇති මාර්ග සිය ගණනක් නැවත විවෘත කර ඇති අතර ජාතික මාර්ග ජාලය මූලික වශයෙන් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙයි. පළාත් 28 ක් අන්තර් පළාත් ගමන් නැවත ආරම්භ කර තිබේ.
අධිවේගී මාර්ගවල පිහිටුවා ඇති සෞඛ්‍ය හා නිරෝධායන මධ්‍යස්ථාන 12,028 න් 11,198 ක් ඉවත් කර තිබේ.