චීනය තුළ කොවිඩ් 19 මරණ 11ක් හා නව රෝගීන් 15ක් බදාදා දිනයේදී වාර්තා වී තිබේ. ඒ අනුව චීනය තුළ කොවිඩ් මරණ හා වාර්තා වන රෝගීන්ගේ අඛණ්ඩ අඩුවක් පෙන්නුම් කරයි.
මෙම මරණ 11ක් අතරින් 10ක්ම හුබෙයි පළාතෙන් වාර්තා වෙයි. එක් මරණයක් ශාන්සි පළාතෙන් වාර්තා වෙයි.
මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1318ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මේ වන විට රෝගීන් 62793ක් සුවය ලබා තිබේ. චීනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 80793ක් දක්වා ඉහළ ගිය අතර ජීවිතක්ෂයට පත්වු පිරිස 3169ක් බවට පත්ව තිබේ.
තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 14831ක් වෙයි.