බීජිං, (ෂින්හුවා) - චීනය තුළ කොවිඩ් 19 වෛරස් රෝගය පැතිරීමේ උච්චතම අවස්ථාව අවසන් වී ඇති බව චීන රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි.
නව රෝගීන් වාර්තා වීම අඩුවෙමින් පවතින අතර සමස්ත වසංගත තත්ත්වය අවම මට්ටමක පවතින බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශකයෙකු වන මයි ෆෙන්ග් බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වූහාන් හි නව රෝගීන් සංඛ්‍යාව තනි ඉලක්කම් දක්වා පහත වැටී ඇති බවත් බදාදා දිනයේදී වූහාන් වාර්තා වී ඇත්තේ රෝගීන් අටක් පමණි.
හුබෙයි පළාතෙන් පිටත චීන භූමියේ වාර්තා වී ඇත්තේ නව රෝගීන් 7 ක් පමණි.