ප්‍රකට රූපලාවණ්‍ය ශිලිපි චන්දිමාල් ජයසිංහ ඊයේ සිය ෆේස් බුක් ගිණුම හරහා වීඩියෝවක් නිකුත් කරමින් යම්කිසි මාධ්‍යවේදියෙකුට දැඩි ප්‍රහාරයක් එල්ල කරනු දැකගත හැකිවුණා.
බොහෝ දෙනෙකු පවසන්නේ මෙම ප්‍රහාරය හිරු නාළිකාවේ චමුදිත සමරවික්‍රම වෙනුවෙන් ඔහු එල්ල කළ බවයි.
චන්දිමාල්ගේ ප්‍රකාශය පහතින්...
“මේ දවස්වල මම දැක්කා නිරෝධායන ක්‍රියාවලියට යම් උද්ඝෝෂකයන් පිරිසක් ඉතාමත්ම පහත් ලෙසින් අරගෙන යනවා. ඔවුන්ටත් සිදුකළේ අපිට සිදුකළ දේම තමයි.අපි හැමෝම මනුෂ්‍යයින්.
15 හැවැරිදි දැරියක් දූෂණය කරලා තියෙනවා. සැකකාරයන් 100කට වැඩිය. ඔවුන් කිසිවෙකුගේ නමක්වත් මාධ්‍ය ඔස්සේ මාධ්‍ය සංදර්ශන ඔස්සේ අපිට දකින්න ලැබෙන්නේ නෑ. මම අහනවා අර මාධ්‍ය වේදියාගෙන් අර පොත ගැන අහන්නේ නැත්ද කියලා.
ඔහු ගැන කථා කරන්න ඕන නෑ. පසුගිය දිනක ලෝකයේම දන්න ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගෙනල්ලා ඔහු මතක හිටින පාඩමක් ඉගෙන ගත්තා.
ඔහුගේ මෙ වෛරීය මාධ්‍ය භාවිතය මට තේරෙන්නේ නෑ. මම ඒ මාධ්‍ය ආයතනයෙන් ඉල්ලනවා මේ පුද්ගලයාව මානසික වෛද්‍යවරයෙක් ළඟට යොමු කරන්න කියලා.
පුළුවන්නම් පෝය දවසට වැඩසටහනකට ඔහු දැම්මොත් බණක් භාවනාවක් ඉගෙන ගෙන ඔහුගේ හිතේ තියෙන වෛරය, මිනිස්සු එක්ක තියෙන තරහ නැතිවෙයි කියලා.”