කොළඹ 13, කොටහේන ඉදිකිරීම් ව්‍යාපෘතියක ව්‍යාපෘතියක චීන ජාතිකයන් 4 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබුණ නමුත් ඔවුන්ගෙන් රෝග ලක්ෂණ නොපෙන්වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොවිඩ් ආසාදනය වූ සියලු සේවකයින් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර රජයේ නම් කරන ලද රෝහලක ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවද තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවෙන් මෑත කාලයේ වාර්තා වූ කොවිඩ් පොකුරු දෙකෙන් මෙම කොවිඩ් ආසාදිතයන්ට සම්බන්ධතාවක් ඇතිද යන්න බව වැඩිදුර අධ්‍යන අවශ්‍ය බවයි.
කම්කරුවන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වඩාත් දැඩි වැළැක්වීම සහ විෂබීජ නාශක පියවරයන් චීන ව්‍යවසායන් විසින් ගනිමින් ඇති බවද තානාපති කාර්යාලය පවසයි.
වසංගත රෝගයෙන් පසු ගත වූ මාස අටක කාලය තුළ, චීන සමාගම් තුළින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් චීන ව්‍යවසායන් විසින් කොවිඩ් පැතිරීම වැළැක්වීමට හා පූර්වාරක්ෂක පියවරන් ගැනීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
මේ අතර, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ COVID-19 පොකුරක් පිළිබඳ යම් යම් වැරදි තොරතුරු වාර්තා වන බවත් ඒ පිළිබඳව තානාපති කාර්යාලය දැනුවත් බවද වරාය නගරයේ ඉදිකිරීම් කරන සමාගම මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවද තානාපති කාර්යාලය දන්වා සිටියි.