චීනයෙන් පසුව වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් හා මරණ සංඛ්‍යාවක් වාර්තාව රට වන ඉතාලියට අවශ්‍ය වෛද්‍යාධාර ලබාදීම සඳහා ඉතාලියේ විශේෂඥ කණ්ඩායමක් වෛද්‍ය උපකරණද රැගෙන රෝමයට පැමිණ තිබේ.
ඉතාලි වේලාවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේදි ඔවුන් ඉතාලියට ගුවන් යානයකින් පැමිණ තිබේ.
චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් එයාර් බස් ඒ -350 පුළුල් බඳ සහිත ගුවන් යානයක් මේ සඳහා යොදාගෙන ඇති අතර ඉතාලි රතු කුරුස සංවිධානයේ දේශීය විශේෂඥයින් විසින් චීන කණ්ඩායම පිළිගෙන තිබේ.
චීන ජාතික සෞඛ්‍ය කොමිසම සහ චීනයේ රතු කුරුස සංගමය විසින් මේ සඳහා සැලසුම් සකස් කළේය. මීට පෙර චීනය විසින් ඉරානයට හා ඉරාකයටද සිය විශේඥශ කණ්ඩායම් යොමුකරන ලදී.