චීන ණය සහ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබද සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
අදාළ සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු බවත් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගතයුතු පියවර පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බවත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ජනතා සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධනේ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ගතයුතු පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.